ස්තූතිය.......

අතරමංව තිබු මගේ කවිත්වටය නව පණක් ලබා දුන් ඔබටයි සහෘදයාණෙනි ස්තූතිය..........

කවියේ ගමන් මග සරි කර දුන් ඔබයි මගේ කවියේ ශක්තිය මෙන්ම දිවි මගේ අත්වැල....




Monday, March 26, 2012

රැක ගන්නට තම ලක්මව් පුතා ගියේ යුධ කරන්න

අහිමිව ගිය
නිදහසක්
හිමි කර දුන්
අපේ අභිත
පුතුණුවන්
වෙනුවෙන්
අදටත් කදුළු
හෙළන
මව්වරුනි
පියවරුනි
බිරින්දැවරුනි
සහොදර සහොදරියනි
දුවා දරුවනි
අපේ උත්තමාචාරය
ඔබටයි....

වංශේ කබල් ගැම...

තිබුණා මටත්
හිනයක්
වෙන්න මනමාලියක්
ඒත්
අද මං
......................

සිනාවත් ඒවගේමද මන්දා...

අතරමං විය
කදුළත් සිනාහවත්
අභියස මා...

එසේනම්,
තව කුමක් ඉතිරිවිද??

දානපති සත්ගුණවත් නෝනා

සුදු පිරුවටයක්
ගත දවටාන
ගියත් පන්සල්
පල්ලි
හැමදාම....

වෙන්න පුළුවන්ද
පින් කදක්
කරනවිට
පව් එකින් එක
හොරහින්
ලෝකයාට...

සල්පිලේ වනමලි

ඉල්ලුමට
අනුව සැපයුම

නටබුන් වෙමින් පැවතුන අතීතය

අනේ ඒ නුඹ
නොවෙද??
මගේ මුළු
ජිවිතයම වු

එපා හිතන්නට
අහිතක් මේ
මං ගැන

මේ මගේ
දියණියනම්
නොවේ
නැගණිගේ
දියණියයි මේ....

තවමටත්
මා අස්වාමිකයි
නුඹ වෙනුවෙන්
එදා වාගේම....

සුසිනිදු රෝස පෙති

බඹරෙකුට
දැණුන
රොස මල්
පෙත්තක
සුසිනිදු බව
අපුරුද
කොයිතරම්



අවුරුදු 13ක් ගියා එකදිගටම ඉස්කොලේ....

අනේ අම්මේ මං ආසා
වෙන්නයි හොද සිත්රුවෙක්
ඒ හින්දා මං යන්නම්
උසස් පෙළට කලා කරන්ටම....

ඔය ළමයට පිස්සුවත්ද??
කවදද හරි ගියේ
කලා කරපු මිනිස්සුන්ට
උඹ කරපන් විද්‍යා විෂයන්


අසම්මත හිත