ස්තූතිය.......

අතරමංව තිබු මගේ කවිත්වටය නව පණක් ලබා දුන් ඔබටයි සහෘදයාණෙනි ස්තූතිය..........

කවියේ ගමන් මග සරි කර දුන් ඔබයි මගේ කවියේ ශක්තිය මෙන්ම දිවි මගේ අත්වැල....




Friday, December 11, 2015

මගේ ආදර කතාව ( අනේ මන්දා එහෙමද කියලා)

අතීතයක් තිබුණි මට
කුමක්දැයි කියා නොදත්
ආදරය................
( හිනා වෙන්න එපා ඔන්න ඉතින් මට)
ඔන්න ඒ කාලේ
ලස්සන කඩවසම්
කොල්ලෙක් කව්වලු මට
ඔබ රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළග නැති හින්දයි
( මට මතක විදියට මේ සිංදුව ආපු මුල්ම කාලේ............ )
ඇත්තටම
අදටත් මං හොයනවා
ඒ කොල්ලව මට
නොතේරුම් කමට
මග අතඇරලා දාපු
හිතේ කොනක ගුලි වෙමින් තිබ්බ
මගේ ආදරේ්‍.......
( දැනුයි තේරේන්නේ කරපු ගොන්කම)
මම නොදැක්කට
අපි දෙන්නගේ වටේ පිටේ
උන්න අයට
ලොකු ටොපික් එකක් වෙච්ච
එදා එයාගේ ආදරේ
අද මට මගහැරුනු මගේ ආදරේ............
( මගේ හිතෙත් තිබ්බා මොකක්දො එකක්.............. අපරාදේ කියලා හිතෙනවා දැන්)
මම යනවා කිව්වාම
හැමෝම ඇවිත්
ආදරෙන් සුභ පතලා යද්දි
ඔයා විතරක් එකපාරට
අතුරුදහන් වුනා මතකයි
මේ අද වගේ.............
( එයාට නොකිව්වට මගේ හිතේත් නොතේරුණු ලොකු දුකක් තිබ්බා.... )
එතනින් ගියාට පස්සේ මම
මට කතා කරන්න උත්සහ කරපු හැටි
නොදන්න කමට
දුරස් වුන හැටි මේ මම
බයට ඇත් වෙලා ගිය බව
නොදන්නවා ඇති තාමටත්
( හිතන්න ඇති මෙලෝ දෙයක් නොදන්න මොඩ කෙල්ලේක් කියලා.....)
සමහර විට මේ වෙද්දි
ඔයා වෙන කෙනෙක්ගේ
ආදරණිය සැමියෙක්
ආදරණිය තාත්තා කෙනෙක්
වෙන්න පුළුවන්
ඒත් අදටත්
මම හොයනවා
එක සැරයක් දකින්න
මම ආදරෙන් හුරතලේන්
...................... අයියා කියලා
කතා කරපු එයාව
( හා හා හිතන්න එපා මට පිස්සු කියලා)

Friday, December 4, 2015

තැළුණත් මල්
නොතැළුන ලෙසින් ඉද
කැදවයි බඹරු
විසිරුවා මල් 
සුවද දසත..................

මලින් මලට
ඇතිද වෙනසක්
රසයේ
උයනේ පිපුණ හා
කැලයේ
පිපුණ මල් අතර...







Friday, February 8, 2013

මඟුල

මෙය මාගේ පෞද්ගලික මතයකි. අද සමාජය තුළ විවාහ මංගල උත්සවය මාර්කට් වි ඇති බැවින් එහි ඇති සම්ප්‍රදායික වැදගත්කම බැහැරව ඇතැයි මට හැගේ.. එකිනෙකා අභිබවා යමින් තවකෙකුට වඩා ඉහළින් මෙය සිදු කිරිමට යැමෙන් මෙලෙස සිදුවි ඇතැයි මා විශ්වාස කරමි. මෙසේ වියදම් කිරිමට හැකියාව ඇති අය එසේ සිදු කළත් එය ෆැෂන් එකක් කරගැනිමෙන් මධ්‍යම පාන්තිකයා හට එයින් සිදුවන්නේ විවාහයෙන් පසු දෙදෙනාම තම තමන්ගේ අනාගත සාර්ථක කරගන්නවා වෙනුවට විවාහය වෙනුවෙන් ගත් ණය ගෙවමින් පසු තැවිමයි.


Wednesday, January 2, 2013

නිහඩ ඇයි ලෝක පාලන දෙවිදුනේ......

මාස ගණනාවකට පසු කවි සිතුවිල්ලක් සිතට නැගුන නමුදු එය අකුර කරනනට කාලයක් ගත වුවා. මැත කාලයකදි මුළු මහත් සමාජයම අන්දොලයට ලක් කළ සිදුවිමක්.....

ප්‍රේමය නම් රාගයෙන් තොර 
සද එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයි.........


සැපවත් විශ්‍රාම දිවයක්.....

මියෙන්නට සල්ලි
මිටි පොදි බදින
නමුදු ජිවිතයේ රස නොහදුන
ඇද්ද කොතෙකුත්
මේ සමාජය තුළ

( මෙය මාගේ පුද්ගලික අත්දැකිමකි )
 


සුදු රෙද්ද


නවිකරණවු
ලාංකිය සමාජය
තවමටත්.....................

වෛද්‍ය විද්‍යාව
දියුණු විත්
කෙතරම්
ඇයිද මේ
ගැරහුඹ් ඇයට පමණක්

( සැම අයෙකුටම මෙය අදාල නොවේ...... )
 


නිරුවත


සොදුර බව
වසාගත්
කටුකත්වය
අගනේද
කාට කාටත්
කොයිතරම්
සැගවි
රසවිදින්‍ට
තරම්..............
 


මම නොහොත් අපි


ආදරය
සතුට
සිනහව
පැතුමන්
අහිමි වු
මගේ.......
නැ නැ
අපේ ජිවිත...........

(මෙය ජිවිත කාථාවක්ද විය හැක )